දේශීය

සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම් පත්‍ර කැඳවීම ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2023/2024) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අයදුම් පත්‍ර කැඳවීම ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 15 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවමද අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි.

එමෙන්​ම විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගය ඉල්ලුම් කළ හැක්කේ රජයේ හෝ රජයේ අනුමත පෞද්ගලික පාසලකින් ශිෂ්‍ය කාර්ය දර්ශනය (අස්වීමේ සහතිකය / අධ්‍යාප​න බී 59) ලබා ඇති අයදුම්කරුවන්ට පමණක් බවයි.

ඒ අනුව එ​ම සම්පූර්ණ නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button