දේශීය

ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට කැබිනට් අනුමැතිය

යෝජිත ශ්‍රී ලංකා- තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රජය පවසන්නේ, ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ  ගිවිසුමට අදාල සාකච්ඡා අවසන් කර ඇති අතර නෛතික හා ආයතනික ගැටලු පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම් වෙත නීතිමය පිරික්සීම සඳහා යොමු කර තිබෙන බවයි.

මෙම ගිවිසුම යටතේ තීරු බදු ලිහිල්කරණ වැඩසටහනෙහි සංවේදී ලැයිස්තුවේ වර්ගීකරණය කරන ලද යෝජිත වර්ගීකරණ සංකේතාංක මත අදාළ වන සමුච්චිත තීරු බදු වලින් 50 % ක් ගිවිසුම බලාත්මකවූ දින සිට දින 16ක් වන වසර ආරම්භයේදී එකවර ඉවත් කිරීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කිරීමටත් තීරණය කර තිබෙනවා.

ඒ අනුව තීරු බදු ලිහිල්කරණ වැඩසටහනෙහි කාලසීමාව වසර 18 සිට වසර 16 දක්වා අඩු කිරීමටත් 9 වන සාකච්ඡාවේදී දෙපාර්ශ්වය එකඟතාවයට පත්ව ඇති බව රජය සඳහන් කළා.

එම එකඟතාව පරිදි ඉදිරි කටයුතු කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button