දේශීය

සුරාසැල් විවෘතව තැබෙන වේලාවන් වෙනස් කෙරේ

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසැල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව කාණ්ඩ 17 ක් යටතේ වේලාවන් සංශෝධනය කර ඇති අතර සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උප වගන්තියේ බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පැනවීම සිදුකර ඇති බවයි සඳහන්වන්නේ.

විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර වර්ගය යටතේ ඇති සුරාසල් පෙ.ව 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබෙනවා.

මේ අතර පරිශ්‍රය තුළදී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය රහිත) පෙ.ව 10 සිට රාත්‍රී 11 දක්වා සහ පරිශ්‍රය තුළදී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය සහිත) ස්ථාන පෙ.ව 10 සිට රාත්‍රී 12 දක්වා විවෘතව පවතින බවයි සඳහන්වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button