ලන්ච් ෂීට් තහනම් කිරීමට නිර්දේශයක්

සෙෳඛ්‍ය හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකාබලා ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශයක් ලබාදී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම නිර්දේශය නිකුත් කර ඇති බවයි වාර්තාවන්නේ.
මෙහිදී ලන්ච් ෂිට් භාවිතය නිසා මෙරට සිදුවන පාරිසරික හානිය මෙන්ම ඒවායේ පවතින “තැලේට්” නම් පිළිකාකාරකය මිනිස් ජීවිතවලට එල්ල කරනු ලබන බලපෑම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා වුණා.
ඒ අනුව සෙෳඛ්‍යට හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකාබලා, එය භාවිතයෙන් ඉවත් කිරීමට සහ විකල්ප හඳුන්වාදීමට මාස 6ක සහන කාලයක් ලබාදී ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමට අදාළ නිර්දේශය ලබාදී තිබෙනවා.
කාරක සභාව මෙහිදී යෝජනා කර තිබෙන්නේ, ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා නැවත එකතු කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන්නාටම ලබාදිය යුතු බවයි.
ඒ අනුව නව තාක්ෂණයෙන් QR කේත භාවිතා කර විවිධ පරිභෝජන අවශ්‍යතා සඳහා බෙදාහරිනු ලබන ප්ලාස්ටික් බෝතල් නැවත එකතු කර ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට එක්කරන්නේද යන්න සොයා බැලීමට ක්‍රමවේදයක් සකස් කිරීම පනත සංශෝධනය කිරීමෙන් අපේක්ෂා කරන බවද සඳහන්වනවා.
එලෙස ප්‍රතිචක්‍රීකරණය සඳහා එම ප්ලාස්ටික් බෝතල් නැවත ලබාදීම වඩාත් කාර්යක්ෂම කිරීමට නම් හිස් බෝතල්වලට යම් සැළකිය යුතු මුදලක් ලබාදිය යුතු බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළා.
එමෙන්ම ලංකාවට දැනට ආනයනය කරනු ලබන එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් උපකරණ හා ද්‍රව්‍ය හඳුනාගෙන ඒවා ලැයිස්තුගත කර කාරක සභාවට මේ සම්බන්ධව වාර්තාවක් ලබාදෙන ලෙසටද අංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.