පිටකොටුව බස් නැවතුම කොටුව දුම්රියපොළ ළඟට

පිටකොටුව ප්‍රදේශයේ ස්ථාන තුනක පිහිටි ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ, බැස්ටියන් මාවත හා ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පළවල් කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානගත කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යාමට අවධානය යොමුව ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් M.M.P.K මායාදුන්නේ මහතා පවසනවා.
ලේකම්වරයා සඳහන් කළේ, දැනට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යන ආකාරයට බස් රථ නතර කර තැබිය හැකි වන පරිදි මෙම ස්ථානය ගොඩනගන බවයි.
කොළඹ නගරයට පැමිණෙන බස් රථ වෙනත් ස්ථානයක ගාල් කර තිබී පිටත්වන වේලාවට පමණක් බස්නැවතුම්පොළට පැමිණීම දැනට සිදුවන බවත්, ඒ අනුව මගීන්ට මෙන ම රියැදුරන්ට පහසු වන පරිදි නව බහුවිධ මධ්‍යස්ථානය ගොඩනැගීමට නාගරික සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කරගෙන යන බවත් ඔහු ප්‍රකාශ කළා.
මේ අතර, පිටකොටුව බස්නැවතුම්පොළවල් කොටුව දුම්රිය ආසන්නයේ ස්ථානගත කිරීමෙන් අනතුරුව එම ඉඩම් වාණිජමය කටයුතුවලට යොදා ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
කොළඹ නගර අලංකරණ සැලැස්ම යටතේ එම භූමි පෞද්ගලික අංශය සමග එක්ව සංවර්ධනය කරමින් ආයෝජන ව්‍යාපෘතිවලට යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි වාර්තාවන්නේ.
කොළඹ නගර අලංකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පසුගියදා (04) පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.
මේ අතර, කොළඹ නගර අලංකරණ සැලැස්ම යටතේ තවත් ව්‍යාපෘති කිහිපයක් සිදුකිරීමටද මෙහිදී සාකච්ඡාවී ඇති බව සඳහන්.
කොළඹ නගරයේ පිහිටි අනාරක්ෂිත ගස් ඉවත් කර ඒ වෙනුවට සුදුසු ගස් වර්ග නැවත සිටුවීම, කොළඹ නගරයේ අත්හැර දමන ලද වල් බිහිවී ඇති ගොඩනැගිලි හඳුනාගෙන ඒවා නඩත්තු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සැකසීමට යෝජනාවී තිබෙනවා.
එසේම කොළඹ නගරයේ රථ වාහන ධාවනය, මගීන් නංවා ගැනීම හා නතර කිරීම සම්බන්ධව නියාමන සැලැස්මක් සැකසීම, වැසි ජලය බැස යාම ක්‍රමවත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි සඳහන්වන්නේ.