දේශීය

මාව අමාරුවේ දාන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කළත් නතර වුණේ ජනාධිපති වෙලා – මෛත්‍රිපාල

තමා 2010 වසරේදී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යනුවෙන් හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

තමා අමාරුවේ දාන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කළත් නතර වූයේ ජනාධිපතිවරයා වීමෙන් ලෙසද නව සෞඛ්‍ය අමාත්‍යවරයාටද ඒ කාරණය මතක් කළ යුතුව ඇති බව මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළා.

මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින්.

සෞඛ්‍ය අමාත්‍යංශය වංචා දූෂණ ගැන බොහෝ නම ගිය තැනක් බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button