මත්තල ගුවන්තොටුපොළට වෙන්න යන දේ

ගුවන්යානා අලුත්වැඩියා සහ එකලස් කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින්ව මත්තල ගුවන්තොටුපොළට ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඒ සඳහා ආයෝජකයන් 6, 7 දෙනෙකු යෝජනා ඉදිරිපත්ව ඇති බවයි.
අද (29) පාර්ලිමේන්තුවේදී ඔහු මෙසේ පැවසුවේ, කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ඒ පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා දැක්වූ අදහස්,
“දින වකවානුවක් කියන්න බෑ. යම් වාණිජමය ව්‍යාපෘතියකින් ලාභ ලබාගැනීම සඳහා යම් යම් ක්‍රමවේද සහ උපක්‍රම යොදන්න සිදුවෙනවා. අපි පෞද්ගලික අංශයෙන් අභිලාෂ කැඳවලා තියෙනවා. මේ ගුවන්තොටුපොළේ ගුවන්යානා එකලස් කිරීම, ඒ වගේම ගුවන්යානා අලුත්වැඩියා කිරීම වැනි කාර්යන් සඳහා මේ ගුවන්තොටුපොළ ලබාදීමට ඒ සඳහා දැනට අභිලාෂයන් 6, 7ක් ඇවිල්ලා තියෙනවා. ඒවා අපිට යම් ආකර්ෂණයක්, පුළුවන් වුණොත් අපිට අවුරුදු 3, 4ක දී අපිට වියදම් කරන මුදලට සමානව ආදායමක් ලබාගන්න පුළුවන් වේවි.”