දේශීය

ඇමැති හරින් ක්‍රිකට් නඩුවට එන්න උසාවියෙන් අවසර ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් ගොනුකර ඇති පෙත්සමට අදාළ ඉදිරි නීතිමය කටයුතුවලට පෙනී සිටීම සඳහා තමාගේ නම ඇතුළත් කරන ලෙස නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (28) නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා මගින් පෙරකලාසියක් ගොනු කරමින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මින් ඉදිරියට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමා වෙනුවෙන් පෙනී සිටීමට දිනේෂ් විදානපතිරණ නීතිඥ සමාගමට අවසර ලබාදී ඇති බවත්, අවශ්‍ය සෑම අවස්ථාවකදීම එකී නීතිඥ සමාගම අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත වෙන්වෙන් පෙනී සිටිනු ඇති බවත් නව ක්‍රීඩා අමාත්‍යවරයා එමගින් අධිකරණයට සඳහන් කළා.

එම කරුණු සලකා බැලූ සෝභිත රාජකරුණා මහතා සහ ඩී. එන්. සමරකෝන් යන විනිසුරු මඬුල්ල එම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම ලබන 5 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කර තිබෙනවා.

තමන් මේ වනවිටත් පෙත්සම්කාර ෂම්මි සිල්වා මහතාගේ ඉල්ලීම් ලබාදීම සම්බන්ධයෙන් මූලික විරෝධතා අධිකරණය හමුවේ ගොනු කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබාදෙන ලෙස අර්ජුන රණතුංග මහතා ඇතුළු හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අන්තර් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා ඇති බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button