විදෙස්

සටන් විරාමය අතරතුර පලස්තීන සිරකරුවන් 39කට නිදහස

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ප්‍රකාශයට පත් කළ තාවකාලික සටන් විරාමයට සමගාමීව ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින තවත් පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කිරීමේ තුන්වන දිනය යටතේ මෙම පලස්තීන සිරකරුවන් පිරිස නිදහස් කර ඇති බවයි.

ඒ අනුව හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල රැඳවියන් 13 දෙනෙකු නිදහස් කිරීමට ප්‍රතිචාර වශයෙන් එම පිරිස නිදහස් කර ඇති බව සඳහන්වනවා.

මේ අතර හමාස් සංවිධානය විසින් ඊයේ (26) දිනයේ නිදහස් කළ ඊශ්‍රායල ඇපකරුවන් පිරිස මේ වන විට ඊශ්‍රායලය වෙත පැමිණ ඇති බව වාර්තාවනවා.

ඒ අනුව දින හතරක සටන් විරාමය අතරතුර හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 50දෙනෙකු නිදහස් කිරිමට නියමිතයි..

ඒ වෙනුවට පලස්තීන සිරකරුවන් 150 දෙනෙකු නිදහස් කිරීමට නියමිත අතර මානුෂීය ආධාරයන්ද මේ වන විට ගාසා තීරයට ඇතුළු වෙමින් පවතින බවද සඳහන්වනවා.

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ප්‍රකාශයට පත් කළ තාවකාලික සටන් විරාමයේ දෙවන දිනය අවසන් වන විට ගාසා තීරයේ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 41 දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය මේ වන විට පියවර ගෙන තිබෙන බවයි වාර්තාවන්නේ.

මේ අතර කටාර් රාජ්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය හා පලස්තීනය අතර සටන් විරාමය දුරටත් දීර්ඝ කිරීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button