දේශීය

ළමුන් අතර රෝග ව්‍යාප්තියක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

අත්පා මුඛ රෝගය, ඩෙංගු උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග කිහිපයක් මේ දිනවල ළමුන් අතර දක්නට ලැබෙන බව දීපාල් පෙරේරා මහතා සඳහන් කළා.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ,දෙමව්පියන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකළ යුතු බවයි.

ඒ පිළිබඳ වෛද්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස්,

“මේ දවස්වල ළමුන් අතර ඉහළ ස්වසන මාර්ගයේ රෝග ඒ කියන්නේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, වෛරස් උණ හා ඊට අමතරව ළමා හතිය, පාචනය සහ ඩෙංගු උණ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊට අමතරව හන්ඩ් ෆූට් මොඋත් ඩිසේසෙ කියන රෝගය යනවා. ඒ නිසා කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ තියන දරුවෝ පාසලට යවන්න එපා. කට වටේ රතු ලප, අතේ රතු ලප තිබුණොත් ඒ දරුවන්ට අත්පා මුඛ රෝගය වෙන්න පුළුවන්. ඒ දරුවන්වත් ගෙදර තියා ගන්න. දවස් කිහිපයකින් හොඳවෙයි. ඩෙංගු ගැනත් කල්පනාකාරී වන්න. ඩෙංගු වර්ධනය වෙලා තියෙනවා. වැස්ස නිසා පාචනය තත්ත්වයනුත් ඇතිවෙලා තියෙනවා. මේ තත්ත්වය අවම කරන්න මම හිතනවා පිරිසිදු ජලය, පිරිසිදු ආහාර දරුවන්ට ලබාදෙන්න. අත්දෙක හොඳට සබන් දාලා හෝදන්න. රෝග කිහිපයක ව්‍යාප්තියක් අපි දකිනවා. ඒවා අවම කරගන්න අපි කටයුතු කරමු.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button