දේශීය

බස් – ත්‍රිවිල් අනතුරින් 17ක් රෝහලට

මගීන් රැගත් රත්මලාන ඩිපෝවට අයත් බස් රථයක් අද (08) උදෑසන කළුතර ගල්අස්හේන ප්‍රදේශයේද ත්‍රීරෝද රථයක ගැටී අනතුරකට ලක්වීමෙන් කාන්තාවන් 5 දෙනෙකු ඇතුළු 17 දෙනෙකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ, තුවාලකරුවන් 10 දෙනෙකු කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙනවිත් ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

තුවාල ලැබූවන් අතර බස් රථ රියදුරු සහ ත්‍රිරෝද රථ රියදුරුද වන බවයි සදහන්වන්නේ.

අනතුර හේතුවෙන් කළුතර මතුගම මාර්ගයේ පැවතී වාහන තදබදය කළුතර දකුණ පොලිස් නිළධාරීන් එක්ව යතා තත්ත්වයට පත්කරන තිබෙනවා.

මාපලගම සිට කොළඹ බලා ධාවනයවූ බස් රථය කළුතර ගල්අස්හේන ප්‍රදේශයේදී ඉදිරියෙන් ගමන් ගත් අසල විහාරස්ථානයකට හීල්දානය රැගෙන යමින් තිබූ ත්‍රීරෝද රථයක් දකුණට හැරවීමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව ඇති අතර , බස් රථය මාර්ගයේ අනෙක් පසට ඇදීගොස් අසල තිබූ කානුවකට වැටී නතරව තිබූණු බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button