විදෙස්
මාක් සකර්බර්ග්ට ආබාධයක්

ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග්ට සැත්කමක් සිදු කර තිබෙනවා.
දණහිසේ සිදුවූ අබාධයක් හේතුවෙන් ඔහු මෙම සැත්කමට භාජනය කර ඇති බවයි වාර්තාවන්නේ.
සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පණිවුඩයක් තබමින් මාක් සකර්බර්ග් මේ බව සඳහන් කර තිබෙනවා.
සකර්බර්ග් පවසා තිබෙන්නේ, එසේම තමන් පිළිබඳ සැලකිලිමත් වන වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමට සිය කෘතඥතාව දක්වන බවයි.
ලබන වසරේ පැවැත්වීමට නියමිත මිශ්‍ර සටන් කලා MMA තරගයක් සඳහා තමන් පුහුණු වෙමින් සිටි බවත් ආබාධ තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද වනු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
සුව වීමෙන් අනතුරු නැවත MMA පුහුණුවීම් සඳහා එක්වීමට සූදානමින් සිටින බව පවසා ඇති මාක් සකර්බර්ග්, ආදරය සහ සහයෝගය වෙනුවෙන් සියලු දෙනාටම සිය ස්තූතියද පුද කර තිබෙනවා.