ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අද ප්‍රකාශයට

අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අද (01) ප්‍රකාශයට පත්කරන බව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රඡින්ද්රා ජයසූරිය ඊයේ දැනුම් දී තිබුණා.
ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ මුද්‍රා තැබූ වාර්තාව වෛද්‍යවරුන් විසින් ඊයේ අධිකරණයට භාරදීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මේ බව ප්‍රකාශ කළා.
ඔහුගේ දේහය මෙම මස 04 වන දින ජාවත්ත සුසාන භූමියේදී භූමිදානය කිරීම සඳහා පවුලේ ඥාතීන්ට බාරදෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය මේ වනවිට තැන්පත් කර ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේයි.
දේහය අදාළ සුසාන භූමිය දක්වා ගෙනවිත් එය භූමිදානය කරන තෙක් අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සලසන ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා බොරැල්ල පොලීසියට නියෝග කර තිබුණා.
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ වෛද්‍ය අසේල මෙන්ඩිස් ඇතුළු වෛද්‍යවරුන් දෙදෙනෙකු දේහය භූමිදානය කරන ස්ථානයේ රැඳී සිටිය යුතු බවටද අධිකරණය නියම කළා.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාමට හේතුව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ වාර්තාවේ ඇතුළත් කරුණු ප්‍රකාශයට පත්කිරීමට පෙර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණද මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.