ජපානයෙන් ලංකා ධීවරයන්ට මිලියන දෙසීයක ප්‍රදානයක්

ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ජපාන රජය විසින් ලබාදෙන ප්‍රදානයන් ලබාගැනීමට සහ ඊට අදාළ ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවරයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා මුහුදු නිෂ්පාදනවලට ඉහළ අගය එකතු කිරීමක් තහවුරු කිරීම පිණිස ජපානයෙන් මිලියන දෙසීයක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජයේ එකඟතාවය පළ කර ඇති බව රජය පවසනවා.
ඒ ශීතාගාර පහසුකම් සංවර්ධනය කිරීම සහ නවීන විද්‍යුත් උපකරණ වලින් ධීවර ක්ෂේත්‍රය සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ බවයි සඳහන්වන්නේ.
එම ප්‍රදානය යටතේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහා අයිස් නිෂ්පාදන යන්ත්‍ර, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සඳහා ඩිජිටල් කිරුම් තරාදි,ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සඳහා ධීවර දැල්, ශ්‍රී ලංකා ධීවර සංස්ථාව සඳහා පෙර සැකසූ ශීතකරණ/ අධිශීතකරණ සහ අධි ශීතකරණ සහිත ට්‍රක් රට සපයා ගැනීමට අපේක්ෂා කරන බව රජය සඳහන් කරනවා.
එකී ප්‍රදානයන් ලබාගැනීමටත් ඊට අදාළ ගිවිසුම් වලට එළඹීමටත් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවද සඳහන්.