දේශීය
කෙහෙළිය සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවතට.අමාත්‍ය ධුරවල වෙනසක්

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අද (23) පෙරවරුවේ අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යශ වෙනස් කර තිබෙනවා.
ඒ අනුව, සෞඛ්‍ය අමාන්‍ය ධූරයෙන් ඉවත් කරමින් පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල පත් කර ඇති අතර, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පත් කෙරුණා.
මීට අමතරව, වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ ඔහුට පෙර පැවති කර්මාන්ත අමාත්‍ය ධූරයට අමතරවයි.
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් දැනට දරනු ලබන මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබුවා.