විදෙස්
ඊශ්රායලයට අඛණ්ඩව හමාස් රොකට් ප්රහාර

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හෙට (18) ඊශ්රායලයට පැමිණීමට නියමිතයි.
ඒ, හමාස් සටන්කාමීන්ට එරෙහිව දියත් කර ඇති යුද්ධයේ නවතම තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහායි.
හමාස් සටන්කාමීන් මුලින් උපුටා දැමිය යුතු බව ජෝ බයින්ගේද මතය වන අතර, එම කටයුත්තේදී සිවිල් වැසියන් පීඩාවට පත්වීම අවම විය යුතු බවද ඔහු ප්රකාශ කළා.
මේ අතර, හමාස් සටන්කාමීන් ඊයේ දිනයේද ඊශ්රායලයේ ජෙරුසෙලම් සහ ටෙල් අවිව් නගරවලට රොකට් ප්රහාර එල්ල කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ, ගසා තීරයේ රෝහල් පද්ධතිය මේ වනවිට සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බවයි.