දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි. කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) පස්වරු 2 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි.

බස්නාහිර සහ දකුණු පළාත්වලත්, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකියි.

මේ අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරන්නේ, පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බදුල්ල – හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බවයි.

ඒ අනුව, ඊයේ පස්වරු 4 සිට අද පස්වරු 4 දක්වා එම නිවේදනය බල පැවැත්වෙනු ඇති. මීට අමතරව ගාල්ල, අම්බලන්තොට, මහනුවර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකටද නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button