දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (07) පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, හෙට පස්වරු 5 සිට අනිද්දා (08) පෙරවරු 8 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බවයි වාර්තා වෙන්නේ.

කොළඹ 11, 12, 13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

මේ නිසා අවශ්‍ය ජලය කල් තබා රැස් කර ගන්නා ලෙස ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාව වෙත දැනුම් දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button