ජනපති සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡා හෙට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන සමාලෝචන සාකච්ඡා පසුගිය 14 වනදා ආරම්භ කර තිබුණා.
මුදල් අමාත්‍යංශය සඳහන් කළේ එම සමාලෝචන සාකච්ඡා මාලාවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වු විස්තීරණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සුරක්ෂිත කිරීම හා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව විශ්වාසය ඉහළ නැංවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවු බවයි.
ඒ අනුව සති 2කට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡා මාලාවේ අවසන් හමුව හෙට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව සඳහන් වනවා.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සම්බන්ධ ගිවිසුමකටද අත්සන් තැබීමට නියමිත බව වාර්තා වෙනවා.
ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබුණා.