දේශීය

“සමාජ මාධ්‍ය පාලනය කරන්න වෙනවා” – පොහොට්ටු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා  සමාජ මාධ්‍ය පාලනය කළ යුතු බව පවසනවා.

ඔහු පැවසුවේ සමාජ මාධ්‍ය යම්කිසි ප්‍රමාණයකින් පාලනය කිරීම අවශ්‍ය වන්නේ වැරැදි ප්‍රවෘත්ති පළ කිරීම වැළැක්වීම සඳහාත්, පුද්ගල චරිතවලට මඩ ගැසීම නැවැත්වීම සඳහාත් බවයි.

සමාජයේ සිටින මිනිසුන්ටත්, මන්ත්‍රීවරු සහ ඇමැතිවරුන්ටත් මෙලෙස මඩ ගසා ප්‍රවෘත්ති පළ වෙන බවත් පිරිසුදු මාධ්‍යයක් රටේ ඇති කරන්නට නම් අපිරිසුදු දේවල් ඉවත් කළ යුතු  බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනු ලැබුවා.

මන්ත්‍රීවරයා පවසන්නේ, තමන්ගේ ප්‍රතිපත්ති රටට ඉදිරිපත් නොකොට අනුන්ට මඩ ගැසීම විවිධ පුද්ගලයින් විසින් සිදු කරන බවයි.

ඇතැම් අය මේ සඳහා සමාජ මාධ්‍යත් උපයෝගී කර ගන්නා බවත් මඩ ගසා ඡන්දය ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.

ඒ නිසා මෙම තත්ත්වය පාලනය කළ යුතු බවත් මේ රට නන්නත්තාරේ හෝ ඉබාගාතේ යන රටක් බවට පත් කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button