විදෙස්
වැරදුණු ඩ්‍රෝන ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 86ක් මරුට

උතුරුදිග නයිජීරියාවේ ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන, නයිජීරියානු හමුදාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින්, එරට සිවිල් වැසියෝ 86 දෙනකු මියගොස් ඇති බව නයිජීරියානු ජනාධිති බෝලා ටිනුබු පවසනවා.
ඉස්ලාමීය ත්‍රස්තවාදීන් බවට වරදවා, නයිජීරියානු හමුදාව, ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇත්තේ ආගමික උත්සවයකට සහභාගී වෙමින් සිටි සිවිල් වැසියන්ට බවයි වාර්තාවන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මියගිය පිරිස අතරේ කාන්තාවන් සහ කුඩා දරුවන්ද සිටින බවයි.
අදාළ ප්‍රහාරය සිදුවූ ආකාරය සොයා විමර්ශනයක් ආරම්භ කිරීමට එරට ජනාධිපති බෝලා ටිනුබූ නියෝග කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
පසුගිය සති අන්තයේ සිදුවුණු එම ඩ්‍රෝන ප්‍රහාරයෙන්, සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූ බවද සඳහන්වන අතර රෝහල්ගත කළ එම තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබා දීම නොකඩවා සිදුවන බවයි වාර්තාවන්නේ.