අස්වැසුම දීමනා අද සිට

අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම අද (28) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස හඳුනාගත් පවුල් ලක්ෂ 15ක් අතරින් පවුල් ලක්ෂ 8ක් සඳහා පළමු වාරිකය අද දිනයේ බැංකු ගත කරන බවයි.
එම මුදල් හෙට (29) හෝ අනිද්දා දිනවල සිට ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට හැකියාව ලැබෙන බවද සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
දැනට තේරීපත්වී ඇති ලක්ෂ 15ක අස්වැසුම ප්‍රතිලාභීන් අතුරෙන් නිවැරදිව තොරතුරු තහවුරු කරගත් ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා ජුලි මාසයට අදාළ මුදල් මෙලෙස බැංකුවලට නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ තොරතුරු කඩිනමින් තහවුරු කරගැනීමෙන් අනතුරුව ඉතිරි ප්‍රතිලාභීන් සඳහා ද දීමනා ගෙවීමට කටයුතු කරන බවයි.
මේ වන විට අභියාචනා හා විරෝධතා සම්බන්ධව සමීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එය අවසන් වූ වහාම සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකරනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
එමෙන්ම වැරදි තොරතුරු ලබාදී ප්‍රතිලාභ ලබාගත් අය සිටී නම් තහවුරු කරගැනීමෙන් අනතුරුව ලබාගත් මුදල් නැවත අයකර ගැනීමටත්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු කරන අතර කිසිම සුදුසු පුදගලයෙක් මඟ නොහැරෙන සේ රජය කටයුතු කරනු ඇති බව අමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.