පැය 24කදී විදෙස් ජාතිකයෝ 637ක් ගාසා තීරයෙන් පිටවෙති

ගාසා තීරයේ යුද ගැටුම් මැද සිරවී සිටි විදෙස් ජාතිකයන් 637ක් ගතවූ පැය විසිහතර තුළදී ඊජිප්තු දේශසීමාව තරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය පසුගිය සතියේ ඊජිප්තු- ගාසා අතර රෆා දේශසීමා දොරටු විවෘත කිරීමෙන් පසු එක් දිනක් ඇතුළත ගාසා තීරයෙන් පිටවූ වැඩිම විදේශිකයන් සංඛ්‍යාව බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
ඊට අමතරව තුවාල ලැබූ පලස්තීනුවන් 15 දෙනකු ප්‍රතිකාර සඳහා ඊජිප්තුවට පැමිණ ඇති බව රෆා දේශසීමාවේ නිලධාරියකු ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ දක්වා ගාසා තීරයේදී තුවාල ලබා ඊජිප්තුවේ ප්‍රතිකාර සඳහා ගොස් සිටින මුළු පලස්තීනුවන්ගේ සංඛ්‍යාව 116ක් බවයි.
මේ අතර ඊශ්‍රායල – හමාස් යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමට සවුදි අරාබිය විසින් අරාබි සහ ඉස්ලාමීය ජාතීන්ගේ සමුළුවක් කැඳවීමට නියමිත බව එරට ආයෝජන ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති බව වාර්තාවනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සෞදි අරාබියේ රියාද් නුවර පැවැත්වීමට නියමිත එම සමුළුවේදී ගාසා තීරයේ අර්බුදය පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කිරීමේ සූදානමක් ඇති බවයි.
එම සමුළුවේ අරමුණවී ඇත්තේ ගැටුම් සාමකාමීව විසඳා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම බවත්, ඒ සඳහා ඉරානය ඇතුළු සියලු මුස්ලිම් රටවල නියෝජිතයන්ට ආරාධනා කිරීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තාවනවා.