දේශීය

ආර්ථික අර්බුදය මැද විදේශ රැකියා යන ශ්‍රී ලාංකිකයන් 50,000 කින් නගී

මෙරට ඇතිවූ ආර්ථික අර්බුදයෙන් පසුව වසරකට කාර්යාංශයේ ලියාපදිංචිවී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය පනස්දහසකින් පමණ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

කාර්යාංශය පවසන්නේ, මෙම පිරිසට අමතරව කාර්යාංශයේ ලියාපදිංචි නොවී විවිධ ක්‍රම හරහා විදෙස් ගතවන පිරිස ගත් කල මෙම ප්‍රමාණය තවත් වැඩිවිය හැකි බවයි.

කොවිඩ් වසංගතයට පෙර ශ්‍රී ලාංකිකයන් දෙලක්ෂ පනස් දහසක පමණ පිරිසක් වසරකට විදේශ රැකියා සඳහා පිටව ගිය අතර මේ වනවිට එහි ප්‍රමාණය තුන්ලක්ෂයක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කාර්යාංශයේ ලියාපදිංචිවී විදේශ රැකියා සඳහා යන පිරිසෙන් සියයට අසූවක්ම මැද පෙරදිග රටවලට යන බවද සංඛ්‍යා දත්තවලින් තහවුරුවී ඇති බවයි වාර්තාවන්නේ.

මොවුන්ගෙන් සියයට විසිපහක්ම ගෘහ සේවය සඳහා යන පුද්ගලයින්වන අතර ඒ අනුව මැද පෙරදිග නොවන රටවලට යන පිරිස සියයට විස්සක් ලෙස සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button