විදෙස්
නේපාලයේ බිහිසුණු හෙලිකොප්ටර් අනතුරක් -5ක් මරුට

නේපාලයේ කත්මන්ඩු නුවරදී හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ, අදාළ යානයේ ගුවන් නියමුවා ඇතුළු එහි සිටි මගීන් සිව්දෙනෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මියගිය මගීන් සිව්දෙනා චීන ජාතිකයින් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
මෙම යානය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, කත්මන්ඩු සිට රසුවා බලා යමින් සිටියදීයි.
අනතුර සිදු වූ වහාම ප්‍රභූ හෙලිකොප්ටරයක් අනතුරට ලක් වූ ස්ථානයට යවා ඇති අතර පිරිමි දෙදෙනෙකු, එක් කාන්තාවක් සහ ගුවන් නියමුවාගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
එක් සිරුරක් හඳුනාගත නොහැකි අයුරින් පිළිස්සී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකළේ.
කෙසේ වෙතත් අදාළ යානය කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවද සඳහන්.