දේශීය
දුම්රිය ගමන් වාර 4ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් හා කැළණිවැලි මාර්ගයේ ගමන් වාර දෙකක් මෙලෙස අවලංගු කර ඇති බව සඳහන්.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 07.15 පාදුක්ක බලා ධාවනය වන දුම්රිය, උදෑසන 07.02ට කොළඹ කොටුව සිට රාගම බලා ධාවනය දුම්රිය , රාගම සිට උදෑසන 07.30 ට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය සහ පාදුක්ක දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.20 ට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය, අප්‍රේල් මස 25 වන දින දක්වා ධාවනය නොකෙරෙනු ඇති.