විදෙස්

ඊසාන දිග නයිජීරියාවේදී ප්‍රහාරයකින් 37 දෙනෙකු ජීවිතක්ෂයට

ඊසාන දිග නයිජීරියාවේ ගම්මානයකට බොකෝ හරාම් අන්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍යය සඳහන් කර ඇත්තේ, යෝබේ ප්‍රාන්තයේ ගයිඩම් දිස්ත්‍රික්කයේ ගම්මානයකට ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

එහිදී බොකෝ හරාම් අන්තවාදීන් එල්ල කළ පළමු ප්‍රහාරයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවනවා.

පසුව එම මළ සිරුරු භූමිදානය කිරීමට පැමිණි පුද්ගලයන් 20 දෙනෙකුද අන්තවාදීන් විසින් ඝාතනය කර ඇති බව සඳහන්.

2009 වසරේ සිට බොකෝ හරාම් අන්තවාදීන් එල්ල කළ ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයන් 35,000ක් පමණ ඝාතනයට ලක්ව මිලියන දෙකකට අධික පිරිසක් අවතැන්වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button