දේශීය
දූෂණ විරෝධී පනත සම්මත කරන්න එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 300ක්

දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම සහ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන තුන්සියයක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා, කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.
ආරංචි මාර්ග පවසන්නේ දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම සහ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා රජයට සිය සුබපැතුම් එක්කර ඇති බවයි.