දේශීය
උද්ඝෝෂකයින් 25ක් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (30) සංවිධානය කර තිබූ විරෝධතා පාගමන අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් විරෝධතාකරුවන් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීමට මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබුනා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කටයුතු කිරීමේදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.