දේශීය

සජිත් පිළේ 21ක් නැවතත් ‍UNPයට පනියි

එක්සත් ජාතික පක්ෂය හැරගොස් සමගි ජන බලවේගයට සහයෝගය දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් 21 දෙනෙකු නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වූ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඒ අතුරින් 9දෙනෙක් අම්බලන්තොට, නෝනගමදී පැවැත්වූ සාකච්ඡාවකින් පසු එක්සත් ජාතික පක්ෂයට එක් වූ බවත් මෙලෙස එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ අය අතර තංගල්ල මහ නගරසභා මන්ත්‍රී මෙහොමඩ් සිරාස්, හම්බන්තොට නගරසභා මන්ත්‍රීවරුන් වන දිනේෂ් දර්ශන, එම්. මොහොමඩ් රිසාන්, ශරිෆ්දීන් ෆරීස්, එස්. අරුණ ශාන්ත, මොහොමඩ් සම්සූදීන්, තිස්සමහාරාම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. පී. ධම්මික, තංගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් කුමාර, අම්බලන්තොට ප්‍රාදේශීයසභා මන්ත්‍රී අහමඩ් ශකූර් යන අය සිටින බවත් වජිර අබේවර්ධන මහතා පවසනවා.

මෙම මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් සමගි ජන බලවේගයට සහයෝගය දැක්වීම සම්බන්ධව ඔවුන්ට එරෙහිව එජාපයේ විනය කමිටුව විසින් පසුගිය කාලයේ විනය පරීක්ෂණ පැවැත්වූ අතර වජිර අබේවර්ධන මහතා සමග පැවැති සාකච්ඡාවේදී දිවුරුම් ප්‍රකාශයක් ලබාදී නැවත පක්ෂය සමග එක්ව ක්‍රියාකාරීව කටයුතු කිරීමට ඔවුන් එකඟතාවය පළ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button