දේශීය

2024 සංශෝධිත පාසල් වාර සටහන නිකුත් කෙ​රේ

2024 වර්ෂයේ සංශෝධිත පාසල් වාර සටහන අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව පෙබරවාරි මස 19 වනදා ආරම්භවු පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

පළමු වාරයේ දෙවන අදියර අප්‍රේල් මස 24 වනදා සිට මැයි මස 03වනදා දක්වා ක්‍රියාත්මක වන අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ආරම්භ වන පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 20 වනදා සිට මැයි මස 31 වනදා දක්වා ක්‍රියාත්මකවීමට නියමිතයි.

එමෙන්​ම දෙවන පාසල් වාරය ජුනි මස 03 වනදා සිට අගෝස්තු මස 16 වනදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

2024 වසරේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු මස 26 වනදා සිට නොවැම්බර් මස 22 වනදා දක්වා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගයෙන් අනතුරුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 වසරේ ජනවාරි මස 02 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

2024 තෙවන පාසල් වාරය අවසන් වීමට නියමිතව ඇත්තේ 2025 වසරේ ජනවාරි මස 17 වනදා බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවා.

නිවේදන​යේ වැඩි විස්තර පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button