දේශීය

මියගිය ධීවරයින්ගේ සිරුරු රැගත් යාත්‍රාව තංගල්ලට

මුහුදේ පාවී ආ බෝතලයක තිබු දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් “ඩෙවොන් 05” ධීවර යාත්‍රාවේ ධීවරයින් 04 දෙනොගේ මළ සිරුරු තංගල්ල ධීවර වරායට රැගෙනවිත් තිබෙනවා.

අද (03) උදෑසන අදා​ළ මළ සිරුරු රැගත් යාත්‍රාව තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ආ බවයි වාර්තාවන්නේ.

කාර්මික දෝෂයට ලක් ව තිබු එම යාත්‍රාව තවත් යාත්‍රාවක් යොදා ගනිමින් තංගල්ල ධීවර වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.

ම​හේස්ත්‍රාත්වරයා පැමිණ මළ සිරුරු සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තෙක් අදාළ මළ සිරුරු යාත්‍රාවේම තබා ඇති බව තංගල්ල පොලීසිය සඳහන් ක​ළා.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අදාළ මළ සිරුරු තංගල්ල රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button