විදෙස්

ලන්ඩනයේ අමානුෂික ඝාතනයක් – දෙදෙනෙක් මරුට

එංගලන්තයේ ප්‍රකට පාලමක් අසල තිබිය​​දී ගමන් මල්ලකි​න් මිනිස් සිරුරු කොටස් හමුවූ බව ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය පවසනවා.

එරට පොලිස් බලධාරීන් පවසා ඇත්තේ, පසුව සිදුකළ විමර්ශන වලින් අනතුරුව මිනීමැරීමේ චෝදනාව මත පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත් බවයි.

එලෙ​ස අත්අඩංගුවට ගෙන ඇත්තේ Yostin Andres Mosquera නම් 34 හැවිරිදි කොලොම්බියා ජාතිකයෙක්.

බ්‍රිස්ටල් හි පිහිටි ක්ලිෆ්ටන් පාලම අස​ල තිබී සිරුරු කොටස් සහිත ගමන් මල්ල​ක් හමුවී ඇති අත​ර සැකකරු ගේ නිවසේ තිබී තවත් සිරුරු කොටස් හමුවී ඇති බවයි වාර්තාවන්නේ.

මෙහිදී ඝාතනය කර ඇත්තේ ඇල්බර්ට් අල්ෆොන්සෝ (62) සහ පෝල් ලෝංවර්ත් (71) නම් වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙක්.

සැකකරු කලකට පෙර ඔවුන් දෙදෙනා ජීවත් වූ නිවසේ වාසය කර තිබූ බව විමර්ශකයින් පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button