දේශීය
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 150ක මූල්‍යකරණයක් අනුමත කර තිබෙනවා.
ලෝක බැංකුවේ විධායක මණ්ඩලය එම අනුමැතිය ලබාදී තිබුණා.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ශක්තිමත් මූල්‍ය ආරක්‍ෂණ ජාලයක් අවශ්‍ය බව, ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ ෆාරිස් හඩඩ්-සර්වෝස් පවසා තිබෙනවා.
ඒ සදහා ආර්ථික,ව්‍යාපාර සහ පුද්ගල, කුඩා ව්‍යාපාර හා දිළිදු පවුල් සදහා විශ්වාසදායී සහ ස්ථාවර බැංකු අංශයක් අත්‍යවශ්‍ය බව ඔහු සදහන් කර සිටියා.