ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමෙන් මිය ගිය ගණන ඉහළට

ඉන්දියාවේ හින්දු ආගමික උත්සවයක් අතරතුරක සිදුවුණු තෙරපීමකින් 116 ක් මිය ගොස් තිබෙනවා.
මියගිය එම 116 දෙනාගෙන් 106 දෙනකු කුඩා දරුවන් සහ කාන්තාවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම තෙරපිම හට ගෙන ඇත්තේ, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්රාස් නගරයේ පැවැති ‘සත්සංග්’ උත්සවය අතරතුරේදීයි.
මෙය එරට වාර්ෂිකව පැවැත්වෙන උත්සවයක් වන අතර මෙවර ‘සත්සංග්’ උත්සවයට ද වෙනදා මෙන් දහස් ගණනක් දෙනා සහභාගී වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමැති යෝගී ආධිත්‍යනාත්, සිද්ධිය ගැන කම්පා වෙමින් පවසා ඇත්තේ තෙරපීමට හේතුව සෙවීමට වහාම විමර්ශනයක් ආරම්භ කළ බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු ද මියගිය පිරිස වෙනුවෙන් සොව පළ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.