Uncategorized

සෞඛ්‍ය සේවකයින් වර්ජනය අරඹයි

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (13) උදෑසන 06.30 සිට වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

මේ අතර හෙද සේවාවේ ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට (14) කොළඹ දී විරෝධතාවක් පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත මහතා පැවසුවේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button