දේශීය

රාජකාරී වැඩවලින් මුද්දර ඉවත් වෙයිද?

රාජකාරීමය කටයුතුවල දී මුද්දර ගැසීමේ ක්‍රියාවලිය අහෝසි කළ යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහ​තා පවසනවා.

ඔහු පවසන්නේ, එම කටයුතු සඳහා මුද්දර භාවිතය යාවත්කාලීන විය යුතු බවත්, සෑම දෙනාට ම ජාතික හැඳුනුම්පතක් ඇති බැවින් නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කාලය පැමිණ ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, මහරගම ප්‍රගතිපුර දී පැවැති වැඩසටහනදී අදහස් දක්වමින්.

එහිදී දිනේෂ් ගුණවර්ධන මහ​තා වැඩිදුරටත් දැක්වූ අදහස්,

“මෙතන ඉන්න අම්මලා දන්නවා එදා අපි ලියුමක් තැපැල් කළේ කීයේ මුද්දරයක් ගහලද? අපි ඒ කාලේ තැපැල් කරේ සත දහයෙ මුද්දරෙන්. අද කොච්චර වටිනාකම වැඩිවෙලා ද කියලා බැලුවොත් අද ලියුමක් යවන්න රුපියල් දහයක විස්සක මුද්දරයක් ගහන්න ඕනේ. අත්සනක් ගහන්න ගියත් කීයේ මුද්දරයක්ද ගහන්න ඕනේ? මම හිතනවා මේ මුද්දර ගැහිල්ල අහෝසි කරන්න ඕන කාලය ඇවිල්ලා කියලා. හැම කෙනාට ම හැදුනුමපතක් තිබෙනවා. මොකටද මුද්දර ගහන්නේ. මේ අඩුපාඩුකම් නිවැරදි කරගෙන ඉදිරියට යා යුතුයි.” යනුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button