දේශීය

කැලණිතිස්ස යළි නවතියි?

නැප්තා’ නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරය අද (3) රාත්‍රී නැවත අක්‍රීය වීමේ අවධානමක් ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසනවා.

‘නැප්තා’ අවසන් වීම නිසා එම බලාගාරය ඊයේ  (2) රාත්‍රී අක්‍රීය වීමට ආසන්නව තිබියදී ඛනිජ තෙල් සංස්ථාව ‘නැප්තා’ ලීටර ලක්‍ෂ 13 ක් සැපයූ බවත් එම ‘නැප්තා’ තොගය අද දිනට පමණක් ප්‍රමාණවත් බවත් එම නිලධාරියා ප්‍රකාශ කළා.

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට දෛනිකව මොගාවොට් 165 ක විදුලි ප්‍රමාණයක් එකතු කරනවා.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button