වැඩිවන ඉන්ධන මිල සමඟ බස් ගාස්තු ඉහළ යයිද?

ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳ වගකීමෙන් තම සංගමය ඉවත් වන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසනවා.
ඔහු තවදුරටත් පැවසුවේ ත්‍රිරෝද රථ ගාස්තු පිළිබඳ තීරණය කිරීමේ අයිතිය එම රියදුරන් වෙත පවරා ඇති බවයි.
ඒ අනුව තම මඟියා හා වෘත්තිය රැකගෙන අදාළ ගාස්තු අයකිරීම් සිදුකරන ලෙස ඔහු ත්‍රිරෝද රථ රියදුරන්ට දැනුම් දෙනවා.
මේ අතර, පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ඉහළ නැංවීමට සිදුවන බව බවයි.
බස් ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව වැඩිවන ගාස්තු පිළිබඳ ජාතික ගමනාගමන කොමිශන් සභාව සමඟ අද (01) සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළා.
මේ අතර අවම අන්තර් පළාත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත මහතා ප්‍රකාශ කර ඇත්තේ 7% ක බස් ගාස්තු සංශෝධනයක් සිදුවනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
තවද, ඩීසල් ගාස්තුව වැඩි වුව ද පාසල් වෑන් රථ ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නොමැති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා පවසා තිබෙනවා.