තාක්ෂණික
වට්ස්ඇප් අලුත් වෙයි

වට්ස්ඇප් මෘදුකාංගය හරහා තවත් නව පහසුකමක් පරිශීලකයින් වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා.
පරිශීලකයෙකු විසින් වට්ස්ඇප් හරහා යවනු ලබන පණිවිඩයක් විනාඩි 15ක් ඇතුළත සංස්කරණය කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව එම සමාගම සඳහන් කරනවා.
පරිශීලකයින් විසින් සිදුකරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමුකර නව පහසුකම ලබා දීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි සති දෙක තුළ දී වට්ස්ඇප් මෘදුකාංගය භාවිත කරනු ලබන පරිශීලකයින් වෙත එම පහසුකම ලැබෙනු ඇති බවට වාර්තා වෙනවා.