දේශීය

දුම්රිය නඩත්තු කරන්න​ත් ණය ගන්න වෙන​වා – ඇමති බන්දුල

දුම්රිය නඩත්තු කටයුතුවලට පවා වර්තමානය වන විට ණය ගැනීමේ අවශ්‍යතාව මතුව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, දුම්රිය සේවය දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බවයි.

බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ, කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස්,

“අපි පහුගිය දවස්වල දරුවන්ට පාසලට යන්න, රෝහලට යන්න බස් එක නැති පාරවල්වලට ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මම බස් 500ක් ණයට අරන් තියෙනවා ඉන්දියාවෙන්. ණයට ගත්තේ නැත්නම්, CTB එකට බස් ගන්න බෑ. දුම්රිය තියෙනවා අවුරුදු 60ක් – 70ක් පරණ එංජින් ගන්න සල්ලි නෑ. සල්ලි නැත්තේ දුම්රිය අලාභයි. අලාභ විඳිනකොට පීලි ටික දාන්නවත් සල්ලි නෑ. මිනිස්සු කියනවා දුම්රිය පීලි පනිනවා කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයට අරන් පීලි 10,000ක් දැන් පනින තැන්වල පීලි දාගෙන යනවා. මමත් අගමැතිවරයාත් දන්න සියලු උත්සාහයන් දරනවා අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගය කෙසේ හෝ විදුලි දුම්රිය මාර්ගයක් බවට පරිවර්තනය කරන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button