දේශීය

ප්‍රවීණ නිවේදක අශෝක තිලකරත්න අභාවප්‍රාප්ත වෙ​යි

ප්‍රවීණ නිවේදක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

මියයන විට අශෝක තිලකරත්න මහතා 82 හැවිරිදි වියේ පසුවුණා.

ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්තවී තිබෙනවා.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා මෙරට ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයේ පෙරගමන්කරු ලෙස සැළකෙන රිජ්වේ තිලකරත්න මහතාගේ එකම සොහොයුරායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button