විදෙස්

චීනයේ හොර වැඩක් ඇමරිකාවේ මැදිහත් වීමෙන් නවතියි

ඇමෙරිකාවේ සමීපතම මැදපෙරදිග මිතුරෙක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ චීන වරාය පරිශ්‍රයක සිදුකරමින් තිබූ රහසිගත සංවර්ධනයක් දැඩි පීඩනයක් යෙදවීමෙන් පසු අත්හිටුවීමට බයිඩන් පරිපාලනය සමත් වී තිබෙනවා.

ඇමෙරිකානු නිලධාරීන්ගේ රැස්වීම් වට කිහිපයකින් සහ සංචාර කිහිපයකින් පසුව අබුඩාබි අසල ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය නවතා දැමූ බව වෝල් ස්ට්‍රීට් ජර්නලය (WSJ) වාර්තා කළා.

වරාය පරිශ්‍රයක චීනය විසින් මිලිටරි පහසුකමක් යැයි සැක කරන යම් ඉදිකිරීමක් සිදුවන බවට ඇමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කරගත් පසු, බයිඩන් පරිපාලනය එමීර් රජයට අනතුරු ඇඟවූයේ රට තුළ චීන හමුදා රැඳී සිටීම දෙරට අතර සබඳතාවලට තර්ජනයක් විය හැකි බවයි.

බුද්ධි අංශවලට සමීප මූලාශ්‍රයක් උපුටා දක්වමින් CNN ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ, ව්‍යාපෘතිය නතර කිරීම සම්බන්ධයෙන් එමීර් රාජ්‍යයට සාර්ථකව ඒත්තු ගැන්වූ නමුත් එය තවමත් මුලුමනින්ම අවසන් නොවූ ප්‍රශ්නයක් බවයි.

මෙම ව්‍යාපෘතිය හුදු වානිජමය කටයුත්තක් ලෙස හැඳින්වුවද, ඇමෙරිකානු බුද්ධි අංශ විසින් වාණිජ යාත්‍රා ලෙස වෙස්වලාගත් නැව් නිරීක්ෂණය කර ඇති අතර, ඒවා වරායට ඇතුළු වන සංඥා බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහා චීන හමුදාව විසින් සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රමයක් ලෙස නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.

වොෂින්ටනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසුවේ “කිසිම ආකාරයක චීන හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කිසිදු එකඟතාවයක්, සැලැස්මක්, සාකච්ඡා හෝ අභිප්‍රායක් නොතිබූ” බවයි.

මෙම වර්ධනය පැමිණෙන්නේ චීනය සිය මිලිටරි අඩිතාලම වැඩිදියුණු කිරීමේ පැහැදිලි උත්සාහයක් ලෙස විශේෂඥයින් විශ්වාස කරන පරිදි ලොව පුරා භූ දේශපාලනිකව සුවිශේෂි වාණිජ වරායන් සංවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින පසුබිසකයි.

චීනය දැනටමත් පකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ වාණිජ වරායන් ඉදිකර සහ ජිබුටි හි සිය පළමු විදේශීය හමුදා කඳවුර ස්ථාපිත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button