දේශීය
යුක්‍රේනය යළි විදුලිය අපනයනය කරයි

මාස 06කට පමණ පසු යළිත් විදුලිය අපනයනය කිරීමට යුක්‍රේනයට හැකියාව ලැබී තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේදී රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ බලශක්ති සැපයුම බිඳවැටුණු අතර යුක්‍රේනයේ නගර රැසක විදුලි විසන්ධි වීම් ද සිදුව තිබුණා.
කෙසේවෙතත් යළිත් වරක් විදුලි අතිරිත්තයක් පවතින බැවින් එය අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව යුක්‍රේනයේ බලශක්ති අමාත්‍ය හර්මන් හලුෂ්චෙන්කෝ ප්‍රකාශ කර තිබෙනවා.
ඊට අදාළ නියෝගයට අත්සන් කිරීමට ද බලශක්ති අමාත්‍යවරයා පියවර ගෙන තිබුණා.
විදුලිය අපනයනය කිරීමෙන් ලැබෙන මුදල්වලින් හානියට පත් බලශක්ති යටිතල පහසුකම් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා බව යුක්‍රේන බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.