තාක්ෂණික
ඇපල් phone වලටත් Type-C Cable

ඉදිරි දින කිහිපය තුළ ඇපල් සමාගමේ නවතම දුරකථන මාදිලිය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව, මෙලෙස වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ නවතම iPhone 15 දුරකථනයයි.
Bloomberg පෙන්වා දෙන්නේ, සැප්තැම්බර් 12 වනදා මෙම දුරකථනය සඳහා USB Type-C වර්ගයේ ආරෝපණ කේබලයක් හඳුන්වා දීමට නියමිත බවයි.
යුරෝපීය සංගමයේ රෙගුලාසියකට අනුකූලව, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීම සහ පිරිවැය අඩු කිරීම අරමුණු කරගෙන මෙය නිෂ්පාදනය කර තිබෙනවා.
මේ අතර, මෙම නව iPhone 15හි ඉදිරිපස සහ පසුපස කැමරාවල විශේෂ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.