දේශීය

දියේ ගිලී පුද්ගලයින් දෙදෙනෙක් මිය ගිහින්

හලාවත පොලිස් වසමේ දැදුරු ඔයේ දියනෑමට ගිය පිරිසක් අතුරින් පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (14) පස්වරු​වේ මොවුන් දියනෑමට ගොස් තිබුණා.

දියේ ගිලි​ණු එක් අයෙකුගේ ජීවිතය බේරාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ වටවන, හැටන් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්.

මියගිය තරුණයා සිය බිරිඳ සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ දැදුරු ඔයේ දියනාමින් සිටින අතරවාරයේ මෙලෙස දියේ ගිලී ඇති බවයි පොලීසිය පවසන්නේ.

හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button