දේශීය

නව අමාත්‍යාංශ දෙකක් ගැසට් කෙරේ

නව අමාත්‍යාංශ දෙකක් සදහා බලතල සහ කාර්යයන් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ලෙස අමාත්‍යාංශ 02ක් දක්වමින් එම ගැසට් පත්‍රය නිකුත්කර ඇත.

එමගින් ආරක්ෂක අමාත්‍යාංශය සතුව පැවති බලතල හා කර්තව්‍යයන් කිහිපයක් ඉවත් කර තිබේ.

ඒ අනුව ආගමන හා විගමන කටයුතු, විදුලි සංදේශ කටයුතු නියාමනය, තොරතුරු තාක්ෂණ පහසුකම් සැපයීම, සයිබර් ආරක්ෂණය, පුද්ගලයින් ලියාපදිංචි කිරීම, ආයෝජන ප්‍රවර්ධනය, ආර්ථික සංවර්ධන කලාප ප්‍රවර්ධනය ආදිය ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයෙන් ඉවත් කර තිබේ.

ඉවත්කළ බලතල හා කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීමට පැවරී ඇත්තේ තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය වෙතටය.

එම ගැසට් නිවේදනය පහතින්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button