කලා

‘සුනාමි’ චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මාන දෙකක්

2021 Bayelsa ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ශ්‍රී ලංකාවේ “සුනාමි” චිත්‍රපටය ඉහළම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව චිත්‍රපට අධ්‍යක්‍ෂක, තිර රචක සහ නිෂ්පාදක සෝමරත්න දිසානායක මහතා හොඳම අධ්‍යක්‍ෂණයට (සුනාමි) හිමි සම්මානය දිනා ගත් අතර හොඳම නිළිය සඳහා වූ සම්මානය නිරංජනී ෂන්මුගරාජා මෙනෙවිය සුනාමි චිත්‍රපටය වෙනුවෙන් දිනා ගත්තා.

සුනාමි චිත්‍රපටය මෙරටට බලපෑ සුනාමි ඛේදවාචයෙහි අතුරු කතාවක් අලලා නිර්මාණය වූ චිත්‍රපටයක් වන අතර එය සෝමරත්න දිසානායක මහතාගේ බිරිද වන රේණුකා බාලසූරිය මහත්මිය විසින් නිෂ්පාදනය කෙරුණා.

එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි, නිරංජනී ෂන්මුගරාජා, දර්ශන් ධර්මරාජ් යන අය රංගනයෙන් දායක වූ අතර සංගීතය රෝහණ වීරසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button