දේශීය

සේවය පැහැර හැරිය කොස්තාපල් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ඇල්පිටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින්  වහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

එ​ම කොස්තාපල්වරුන් දෙදෙනා​ගේ අපකීර්තිදායක හැසිරීම, අණට අකිකරුවිම, රාජකාරි පැහැර හැරිම යන චෝදනා යටතේ එලෙස වැඩ තහනම් කර ඇති බවයි වාර්තාවන්නේ.

ඇල්පිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි I.U.K ලොකුහෙට්ටි මහතාගේ නියෝග පරිදි අද (16) පෙරවරුවේ ඔවුන් දෙදෙනා​ට වැඩ තහනම් කිරිමේ නියෝග නිකුත් කර තිබෙනවා.

මෙලෙ​ස වැඩ තහනම්කර ඇත්තේ පසුගිය 13වන දින වි.පී.එන්.ක්‍රියාකරු ලෙස සේවය කරන ලද කොස්තාපල්වරයාගේ සහ දුරකතන ක්‍රියාකරු ලෙස සේවය කරන ලද කොස්තාපල්වරයාගේයි.

අම්බලන්‍ගොඩ පොනදුව පදිංචි සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත හෙව​ත් සමන් කොල්ලා යන අයගේ නිවසට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ වෙඩි තැබිම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට(119) ලැබුණ පණිවුඩ​ය පිළිබඳව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා දැනුවත් නොකිරිම මත මෙම වැඩ තහනම සිදුකර ඇති බව දකුණු පළාත්බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති කාරයාලය වැඩිදුරටත් පවසනවා.

Related;

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button