තාක්ෂණික

ත්‍රෙඩ්ස්ට එරෙහිව ට්විටර් නඩු මගට

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලු‍තින් දියත් කළ ට්විටර් ගිණුමට සමාන ත්‍රෙඩ්ස් යෙදවුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් හිමිකරු ඊලෝන් මස්ක් පවසනවා.

ඔහු චෝදනා කර ඇත්තේ මෙම යෙදවුමේ තමන්ට අයත් ට්විටර් යෙදවුමේ විශේෂාංගවලට සමාන විශේෂාංග රැසක් අඩංගු බවටයි.

මෙන්ම ට්විටර් සමාගමෙන් ඉවත්වූ සේවකයින් යොදාගනිමින් සකබර්ග් මෙම යෙදවුම සකස් කර ඇති බවටද ඊලොන් මස්ක් ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (06) දියත් කළ ත්‍රෙඩ්ස් යෙදවුමට එක්ව ඇති පරිශීලකයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 30 ඉක්මවා තිබීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button